May 18, 2024

මියගිය තරුණයාගේ මව, කුලසේකරගේ පියාට දුරකතනයෙන් කියූ දේ

September 22, 2016

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරගේ රථයට යට වී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට ක්‍රිකට් ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.

මෙරට පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යයන් විසින් ද මෙම පුවත පිළිබඳ දැඩි ලෙස උනන්දු වී තිබෙනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් කුලසේකර අත වරදක් නොමැති බව මේවන විට හෙළිවී ඇති බව යි වාර්තා වන්නේ.

එමෙන්ම නුවන් කුලසේකර සහ මියගිය තරුණයා හිතවතුන් බවත් ඔවුන් එක්ව ක්‍රීඩා කර පවා තිබෙන බවත් පැවසෙනවා.

මේ අතර නුවන් කුලසේකරගේ පියා විසින් මෙම අනතුරින් මියගිය තරුණයාගේ මවට දුරකතන ඇමතුමක් දී ඇති බව සඳහන් වෙනවා.

ඔහු විසින් එහි දී සිදුවීම පිළිබඳව ශෝකය පළ කොට ඇති අතර මියගිය තරුණයාගේ මව එහි දී ''මගේ පුතා දැන් මැරිලා ඉවරනේ, ඔයාගේ පුතාව බේරගන්න'' යනුවෙන් පවසා තිබෙනවා.

"පුතා ඉස්කෝ‍ලේ ගියේ රන් ‍පොකුණගම මහා විද්‍යාලයට. එයා ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි. ඒ කා‍ලේ පුතාට ක්‍රිකට් පිස්සුව තිබුණා. ඒ නිසා තමයි නුවන් කුලසේකරවත් අඳුනන්නේ. නුවන් ගියෙත් අපේ පුතා ගිය ඉස්කෝලෙටමයි. පුතා නුවන් ගැන නිතරම කියවනවා. පසු කා‍ලේදී පුතා සංඝබෝධි විද්‍යාලෙට දැම්මා. එහෙදී වොලිබෝල් ටීම් එකෙත් හිටියා. පුතාට මේ සිද්ධ වුණ දේ ගැන මට තවමත් හිතා ගන්න බැහැ. අනතුරින් පස්සේ නුවන් කුලසේකරගේ තාත්තත් මා එක්ක දුරකථනයෙන් කතා කළා. අනේ මම කිව්වා නුවන්ගේ පියාට මගේ පුතා දැන් මැරිලා ඉවරනේ. එයාගේ වැරැද්දක් තිබුණත් නැතත් දැන් ඔයාගේ පුතාව බේරගන්න කියලා''

තරුණයාගේ මව වැඩිදුරටත් එසේ පවසා තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 22 September 2016 11:45