May 18, 2024

ඉරාජ්ගේ සමලිංගික ගීයේ ලයික් ගාණට වඩා අන්ලයික් ගාණ වැඩි වෙයි (PHOTOS)

September 21, 2016

ඉරාජ් වීරරත්නගේ ගිනියම් රෑ නමැති නවතම ගීතයට මේවන විට බොහෝ පාර්ශවයන්ගෙන් දෝශාරෝපණ එල්ල වෙමින් පවතිනවා.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ එහි මියුසික් වීඩියෝවේ නිරුවත් තරුණියන් දෙදෙනෙකු සමලිංගික හැසිරීමක නිරතවන අයුරු පෙන්වීම යි.

සමාජ ජාල තුළ ඉරාජ්ගේ මෙම මියුසික් වීඩියෝවට අයහපත් ප්‍රතිචාර රැසක් එල්ල වෙමින් පවතින අතර මෙම වීඩියෝව පළ කොට ඇති ඉරාජ්ගේ නිල යූටියුබ් නාළිකාවේ ද දක්නට ඇත්තේ එවැනිම තත්ත්වයක්.

තව ද මෙම වීඩියෝවට මේවන විට හිමි වී ඇති ලයික් (කැමැත්ත පළකිරීම්) ප්‍රමාණයට වඩා අන්ලයික් (අකමැත්ත පලකිරීම්) ප්‍රමාණය වැඩි වී තිබෙනු ද දක්නට ලැබෙනවා.

ඒ පහත ආකාරයෙන් > > > 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 September 2016 15:24