May 18, 2024

ප්‍රභාකරන්ගේ හැඳුණුම්පතට මොකද වුණේ? කමල් ගුණරත්න හෙළිකරයි

September 21, 2016

LTTE ත්‍රස්තවාදී සංවිධානයත් සමග මෙරට ත්‍රිවිධ හමුදාවන් සිදු කළ යුද්ධයේ අවසන් කාල සීමාව පිළිබඳ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ලියූ "රණබිම ඔස්සේ නන්දිකඩාල්" කෘතිය වාර්තා පොත් අලුත් කරමින් අළෙවිවන බව යි වාර්තා වන්නේ.

විශේෂයෙන් මේ දිනවල පැවැත්වෙන කොළඹ පොත් ප්‍රදර්ශණයේ දී මෙම කෘතියට ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමක්.

ඉල්ලුමට සරිලන සැපයුම උදෙසා මේවන විටත් කෘතියෙහි මුද්‍රණවාර කිහිපයක්ම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළායින් පසුව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තමාගෙන් කළ ඉල්ලීමක් පිළිබඳව මෙම කෘතිය රචනා කළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පසුගිය දා අදහස් පළ කළා.

යුද්ධය ජයග්‍රහණය කිරීමේ සිහිවටනය ලෙස ප්‍රභාකරන්ගේ ගෙල බැඳි "ඩෝග් ටැග්" එක හෙවත් සොල්දාදුවන්ගේ තොරතුරු සටහන් කර ඇති කුඩා ලෝහ පුවරුව හමුදාපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බව යි ගුණරත්න මහතා පැවසුවේ.

ඒ මොහොත ගැන ඔහු මෙසේ සිහිපත් කළා.

"හැමදාමත් යුද හමුදාපතිවරයා අපට දෙන්නේ නියෝග. නමුත් ඔහු එදා මගෙන් ඉල්ලීමක් කළා. 'කමල් ඊළාම් යුද්ධයේ සිහිවටනය ලෙස ඩෝග් ටැග් මට එක දෙන්න පුළුවන්ද' කියලා ඔහු මගෙන් ඇහුවා. මුලින් මම එය මගේ සිහිවටනය ලෙස තබා ගන්න හිතුවා. නමුත් මට හැමදාමත් මගේ සියලුම යුද හමුදාපතිවරුන්ට ගරු කළා. ඒ නිසා එතුමාට මම ඩෝග් ටැග් එක මගේ විශ්වාසවන්ත නිලධාරියකු අතේ පසුදිනයේම යැව්වා."

ඝාතනය කෙරුණු ප්‍රභාකරන්ගේ හැඳුණුම්පත පිළිබඳව ද කමල් ගුණරත්න මහතා මෙහි දී අදහස් පළ කළා.

ඔහු හෙළිදරව් කළේ ප්‍රභාකරන්ගේ හැඳුණුම්පත තවමත් තමන් සන්තකයේ පවතින බව යි.

"ඒක මගේ ළඟ තිබෙනවා. මම ඒක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් වරක් පෙන්නුවා. දැන් මම විශ්‍රාමිකයිනේ. ඒ නිසා ප්‍රභාකරන්ගේ හැඳුනුම්පත යුද හමුදා කෞතුකාගාරයට හෝ ගජබා රෙජිමේන්තු කෞතුකාගාරයට දෙනවා."

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා එසේ පවසා සිටියා.

Rate this item
(0 votes)