May 18, 2024

මෙරට බුද්ධි අංශය ගැන සෙන්පති කමල් හැඟුම්බරව කළ නිර්භීත ප්‍රකාශය (VIDEO)

කාලයක් තිස්සේ දුර්වල මට්ටමක තිබූ මෙරට හමුදා බුද්ධි අංශය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වැනි මහත්වරුන් එක්ව ශක්තිමත් ලෙස ප්‍රතිව්‍යුහගතකරණය කළ බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

මෙරට බුද්ධි අංශය ලෝකයේ ඕනෑම බුද්ධි අංශයකට නොදෙවෙනි ආකාරයෙන් ශක්තිමත්ව තිබූ බව ද ඒ මහතා පැවසූ අතර මැලේසියාවේ දී කුමරන් පද්මනාදන් නොහොත් KP අත්අඩංගුවට ගෙන හොර රහසේම මෙරටට රැගෙන ඒමට හැකිවීම සුලුපටු දෙයක් නොවන බවත් මෙරට බුද්ධි අංශයේ දක්ෂතාවය පිළිබඳව එය හොඳම උදාහරණය බවත් ඔහු පෙන්වා දුන්නා.

ගුණරත්න මහතා මෙම අදහස් පළ කළේ රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින්.

වීඩියෝව පහතින් > > > 

බුද්ධි අංශවල සෙබලුන් තම ජීවිත දෙවැනි කොට මව්බිම වෙනුවෙන් සේවය කළ බව ඔහු පැහැදිළි කළේ ඉතා හැඟුම්බරව යි.

ඕනෑම රටක රහස්‍ය බුද්ධි ක්‍රියාන්විත සිදුකෙරෙන බව පෙන්වා දුන් ඒ මහතා අවධාරණය කර සිටියේ රජය හෝ රාජ්‍යය පාලකයින් මාරු වූ පළියට පසුගිය පාලන සමයේ සිදුකෙරුණු බුද්ධි ක්‍රියාන්විත පිළිබඳ සෙවීම් සිදු කිරීම කිසිදු රටක සිදු නොකරන බව යි.

උදාහරණයක් ලෙස ගුණරත්න මහතා පැවසූවේ මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් මහත්මිය ජයග්‍රහණය කළත්, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කළත් පසුගිය සමයේ සිදු කළ රහස්‍ය ක්‍රියාන්විත පිළිබඳ CIA සංවිධානයෙන් ප්‍රශ්ණ කිරීමක් සිදුකරන්නට නොයන බව යි.

නමුත් මෙරට තුළ එවැනි තත්ත්වයක් ඇති වූ බවත් ඒ පිළිබඳව තමා දැඩි වේදනාවට පත්ව සිටින බවත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හැඟුම්බරව පැවසුවා.

වීඩියෝව පහතින් > > > 

තමා මෙවන් ප්‍රකාශ සිදු කිරීම ගැන කවුරුන් අකමැති වුව ද තමා යුද හමුදාවට ආදරය කරන බැවින් සහ බුද්ධි අංශයේ ඉන්නේ "අපේම දරුවන්" වන නිසා ඔවුන් වෙනුවෙන් තමා කතාකරන බවත් ඒ මහතා අවධාරණය කළා.

එමෙන්ම වර්ථමානයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ඉතා භයානක ස්ථානයකට මෙරට බුද්ධිි අංශය පත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

දැඩි කැපවීමෙන් යුතුව ශක්තිමත් බුද්ධි අංශයක් බිහි කිරීමෙන් පසු මවුබිම වෙනුවෙන් දිවි නොතකා සේවය කළ බුද්ධි අංශ නිලධාරීන් අදවන විට සිරගත වී තිබීම තුළින් එය දකින වත්මන් බුද්ධි අංශ නිලධාරීන් බියට පත්වන බව යි ගුණරත්න මහතා පැවසූවේ.

බුද්ධි අංශයකට "බය" කියන දෙය ලබා දුන් විට එම බුද්ධි යාන්ත්‍රණය බිඳවැටෙන බව ද ඔහු අවධාරණය කළා.

එමෙන්ම එවැනි තැනකට මේවනවිට බුද්ධි අංශය පත්ව ඇති බවත් "මොනවට ද සර් රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා අපි හිරේ යන්නේ, ඒක නිසා දෙන දේ කාලා කියන දේ කරගෙන ඉන්නවා" යනුවෙන් එම නිළධාරීන් තමා සමගම පවසා ඇති බවත් ඒ මහතා හෙළිදරව් කළා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 20 September 2016 17:28