May 18, 2024

මීයන් මරා රසකර කන මිනිසුන්ගේ පුදුමාකාර වීඩියෝව (VIDEO)

ලොව විවිධ රටවල් අතර පුළුල් වූ සංස්කෘතික විවිධත්වයක් තිබෙන බව අපි හැමෝම දන්නා කාරණාවක්.

මේ සංස්කෘතික වෙනස්කම් නිසාම එක් එක් රටවල්වලට ආවේනික ආකාරයෙන් ඒ ඒ රටවල්වල ආහාර රටාවල් ආදියත් වෙනස් වෙනවා.

මෙම හේතුව නිසාම එක් රටක ආහාරයක් තවත් රටක වැසියන්ට බොහෝසෙයින් අප්‍රියජනක වීමට පුළුවන්.

පණුවන්, කැරපොත්තන්, සර්පයින් මෙන්ම සුනඛයින් වැනි සතුන් ආහාර පිණිස සකස් කරන විවිධ රටවල් ඇති අතර රූපවාහිනී සහ අන්තර්ජාල මාධ්‍ය ඇසුරින් එම දසුන් දකින මෙරට ජනතාව තුළ නිරායාසයෙන් පිළිකුල් සහගත හැඟීමක් ඇති වන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ පවතින ආහාර රටාව බොහෝ සෙයින් අපටම ආවේණික එකක් වන නිසා.

මීයන් යනු බොහෝවිට අප අකමැති සතුන් වර්ගයක්.

ගේ දොර බඩු භාණ්ඩ විනාශ කරනවා මෙන්ම මාරාන්තික රෝග බෝ වීමටත් මීයා බලපාන බව අප හොඳින් දන්නා දෙයක්.

එහෙත් මීයන් සුරතල් සතුන් ලෙස ආදරයෙන් ඇති දැඩිකරන රටවල් ද පවතිනවා.

විශේෂයෙන් බටහිර රටවල්වල කූඩු තුළ දමා මීයන් සුරතලයට ඇති කිරීම දුලබ දෙයක් නොවෙයි.

එහෙත් ආසියානු රටක්වන වියට්නාමය තුළ නම් මීයාට ඇත්තේ සුරතල් සතෙකු ලෙස සැලකීමක් නොවෙයි.

වියට්නාමය තුළ මී මාංශ යනු ඉතා ජනප්‍රිය ආහාරයක් ලෙසයි සැලකෙන්නේ.

එරට වීදි දෙපස නැවුම් මී මාංශ අළෙවි කරන වෙලෙන්දන් පෙළගැසී සිටින්නේ අප රටේ මාළු වෙළෙන්දන් සිටිනවා වාගේයි.

මෙම වෙළෙන්දන් කූඩුවල දැමූ ප්‍රමාණයෙන් විශාල මීයන් මග දෙපස තබාගෙන තම ව්‍යාපාරය සිදු කරන අතර පාරිභෝගිකයින් පැමිණි පසු එවෙලේම මීයන් මරා මස්කොට ලබා දීම සිදුකෙරෙනවා.

එපමණක් නොවෙයි.

මෙරට කුකුළු ගොවිපොල පවත්වාගෙන යන්නාක් මෙන්ම මස් පිණිස මීයන් ඇති කරන ගොවිපොලවල් වියට්නාමය තුළ දකින්නට පුළුවන්.

ලැබෙන ඉල්ලුමට සරිලන පරිදි මී මාංශ සැපයීම එම ගොවිපොලවල් තුළ සිදු කෙරෙනවා.

අපට මෙය බොහොම අමානුශික සහ අප්‍රියජනක හැඟීමක් ගෙන දුන්නත් එරට වැසියන්ට නම් මී මාංශ පරිභෝජනය එදිනෙදා ජීවිතයේ සිදුකෙරෙන ඉතාමත් සාමාන්‍ය කටයුත්තක්.

මී මාංශ අළෙවි කරන වීදි වෙළඳුන්ගේ සහ මීයන් මාංශ පිණිස ඇති කරන ගොවිපොලක දර්ශන ඇතුලත් වීඩියෝ දෙකක් පහතින් නරඹන්න පුළුවන්.

නමුත් මෙම වීඩියෝ දෙක තුළ මෙරට ප්‍රේක්ෂකයින්ට සංවේදීවන දර්ශන ඇතුලත් විය හැකි බවත් කිව යුතු යි.

වීඩියෝ පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 September 2016 12:17