May 18, 2024

'දෙමළ අයට තියෙන ප්‍රශ්ණය රාජ්‍යයක් නැති එකයි' - ආචාර්ය නිර්මාල්ගේ අමුතු කතාවෙන් බුකිය ඇවිලෙයි (VIDEO)

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා යනු වත්මන් යහපාලන රජය බලයට පත් කිරීට සම්බන්ධ වූ සිවිල් ක්‍රියාකාරීන් නියෝජනය කළ තවත් එක් විද්වතෙක්.

ඔහු පසුගිය දා සජීවී රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර දී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව මේවන විට මෙරට සමාජ ජාල තුළ මහත් කතාබහකට ලක්ව තිබෙනවා.

දෙරණ රූපවාහිනී නාලිකාවේ "අලුත් පාර්ලිමේන්තුව" නමැති වැඩසටහනේ දී ඔහු පැවසූවේ දෙමළ ජනතාවට ඇති එකම ගැටළුව වන්නේ ඔවුන්ට රාජ්‍යයක් නොමැති වීම බව යි.

මේ පිළිබඳව අන්තර්ජාල මාධ්‍ය තුළින් විශාල වශයෙන් වාර්තා කර තිබූ අතර ඉන් පසුව සමාජ ජාල තුළ ද නිර්මාල් රංජිත් ආචාර්යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව දැඩි විවේචන ඉදිරිපත් වෙනු දක්නට ලැබුණා.

එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)