May 18, 2024

ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ 3000ක් ගෙන්නගත්තු 'හික්කා බීච් පාටිය' වටලයි

September 19, 2016

"හික්කා බීච් පාටි 2016" නමින් හික්කඩුව වෙරළ තීරයේ පෙරේදා (17) රාත්‍රියේ දී සංවිධානය කර තිබූ සාදය සුරාබදු නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

මෙම සාදයෙහි ටිකට් පතක් රුපියල් 2000ක් වූ අතර ඇතුළත ක්‍රියාකාරකම් සඳහා වෙනම මුදල් අය කරනු ලැබූ බවට යි වාර්තා වන්නේ.

අවුරුදු 18ත් 25ත් අතර තරුණ තරුණියන් තුන්දහසක් පමණ මෙයට එක්ව සිටි අතර මෙම සාදය සංවිධානය කළ පුද්ගලයින් මෙම තරුණ තරුණියන් ගෙන්වාගෙන ඇත්තේ සමාජ ජාල ඔස්සේ සිදුකරන ලද ප්‍රචාරයන් හරහා යි.

සාදය පැවැත්වෙන අතරතුර සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය විසින් සාදයේ සංවිධායකවරයෙකු එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝදී මත්පැන් ද සමගින්.

එමෙන්ම බලපත‍්‍ර නොමැතිව අලෙවි කරමින් තිබූ දේශීය හා විදේශීය මත්පැන් බෝතල් තොගයක් ද සුරාබදු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

එම මත්පැන් බෝතල් තොගය ගණනය කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන අතර අත්අඩංගුවට ගත් සංවිධායකවරයා ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)