May 18, 2024

ඉසුරුපායේ පෙරළි කළ දෙස්තරලාගේ වාහනවල හුලං ඇරලා (PHOTOS)

September 15, 2016

ජනප්‍රිය පාසල් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් බත්තරමුලේ පිහිටි අධ්‍යාපන අමත්‍යංශයට රැස්වුණා.

ඒ, තම ගැටළුව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමටයි.

ඊයේ දහවල් එම ස්ථානයට ගිය 200කට අධික වෛද්‍යවරුන් පිරිසක් අද දහවල් වනතුරුත් එම පරිශ්‍රයේ රැදී සිටි අතර ඊයේ රාත්‍රිය ගතකළේද අමාත්‍යංශයේ ශ්‍රවණාගාරය තුලයි.

කෙසේවෙතත් අද දහවල් කඩුවෙල අධිකරණයෙන් නිකුත් කළ නියෝගයකට අනුව ඔවුන් මේ වනවිට එම ස්ථානයෙන් ඉවත් වී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ ඔවුන් ඊයේ රාත්‍රියේ රැදී සිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ විදුලිය කපා හැරීමට එහි නිලධාරීන් කටයුතු කළ බවයි.

මේ අතර ඔවුන් පැමිණ තිබූ වාහන කිහිපයක රෝදවල හුලං බැස්සවීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවට වන ඡායාරූප ද අන්තර්ජාලයට මුදාහැරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

එම ඡායාරූප පහතින්.

 

Rate this item
(2 votes)
Last modified on Thursday, 15 September 2016 15:59