May 18, 2024

බල්ලෙකුත් FCIDයට (VIDEO)

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, එහෙමත් නැත්නම් හැමෝම දන්න විදිහට කිව්වොත් FCID එක ගැන මේ දවස්වල බොහෝ විට කතාබහට ලක් වෙනවා.

නව රජය පත්වීමත් සමගම FCID එක ගැන සෑම මාධ්‍යයකින්ම වගේ දිනකට එක් පුවතක් හරි ප්‍රචාරය වෙනවා.

පසුගිය රජයට සම්බන්ධ විවිධ පුද්ගලයින් FCID එකට ගෙන්වලා ප්‍රශ්ණ කෙරෙන අයුරු වගේම අත්අඩංගුවට පත් වුණු අයුරුත් දක්නට ලැබුණා.

මේ අතරේ FCID එක ඇතුළට ගිය වෙනස්ම කෙනෙක් ගැන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කරලා තිබෙනවා.

හොඳට හුරුපුරුදු අයුරින් FCID එකේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙන මේ කෙනා නම් මූල්‍ය අපරාධ චෝදනාවකට ලක්වූ අයෙක් නෙවෙයි.

බලු රාළ කෙනෙක් FCID එකට ඇතුළට ගමන් කරන අයුරු තමයි කැමරාවේ මේ විදිහට සටහන් වෙලා තිබුණේ.

වීඩියෝව පහතින් > > >

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 September 2016 14:20