May 18, 2024

Facebook එකේ Likes වැඩිකරගන්න සිතා සිරුරට ගිනි තියාගෙන (VIDEO)

ලොව පුරාම පැතිරගොස් තිබෙන Facebook සමාජ ජාලය මානව ජීවිතවලට සහ සමාජයට වැඩිවශයෙන්ම බලපෑම් කරන වෙබ් අඩවිවලින් එකක් බව කිවහොත් එය පුදුමයක් නොවෙයි.

ඒ තරමටම Facebook ජාලය අපගේ ජීවිත හා බැඳී අවසානයි.

සැබැවින්ම Facebook ජාලය ජීවිතයට සමීප කරගැනීම අයහපත් දෙයක් නොවන නමුත් එය සීමා සහිතව සිදුවිය යුතු බව නම් කිව යුතුයි.

Facebook ඇබ්බැහිතාවය අදවන විට ලෝකයේ සෑම අතින්ම වාර්තා වෙනවා.

එමෙන්ම Facebook ජාලය තුළ ජනප්‍රිය වීම සඳහා තම ජීවිතය පවා පරදුවට තැබීමට ඇතැමුන් පසුබට වන්නේ නැහැ.

Facebook තුළ Like එකකට ලැබෙන්නේ ඉහළ වටිනාකමක්.

මෙනිසාම Facebook ජාලයට මුදල් ගෙවීමෙන් පවා Like ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට බොහෝ දෙනා උත්සහ දරනවා.

නමුත් Like වැඩිකරගැනීමට වෙනස්ම දෙයක් කරපු තරුණයින් කිහිපදෙනෙකු පිළිබඳව චීනයෙන් වාර්තා වෙනවා.

මොවුන් තම ජීවිතය ද අවදානමට පත් කරමිනු යි Facebook තුළ ජනප්‍රිය වන්නට උත්සහ කරන්නේ.

මොවුන් තම සිරුරට ගිනි තබාගෙන පාළමකින් පනින ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල ලොව පුරා පැතිරෙමින් පවතිනවා.

Like ප්‍රමාණය වැඩි කරගැනීම වැනි කාරණාවකට මේ ආකාරයෙන් ජීවිතය අවදානමේ හෙළීම නම් කිසිසේත් අනුමත් කරන්නට බැරි දෙයක්

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)