May 18, 2024

දුමින්ද හමුවෙන්න මහ සෙනගක් වැලිකඩට: ගේට්ටු ආරක්ෂාව තරකරයි

September 15, 2016

මරණ දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සුවදුක් විමසීම සඳහා මේවන තෙක් විශාල පිරිසක් බන්ධනාගාරය වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් එම පුද්ගලයින්ට දුමින්ද සිල්වා මහතාව හමු වීමට බන්ධනාගාර පාලන අධිකාරිය ඉඩ ලබා දී නැහැ.

මරණ දණ්ඩනය හිමි වූවකු බැලීම සඳහා ඥාතිවරයකුට හෝ මිතුරකුට අවසර හිමිවනුයේ සතියකට එක් දිනක් පමණක්වන අතර එය ද විනාඩි තිහක පමණ කාල සීමාවක් සඳහා පමණයි.

පැමිණි විශාල පිරිස නැවත හරවා යැවීමට බන්ධනාගාර පාලන අධිකාරිය කටයුතු කර ඇත්තේ මේ අනුව යි.

දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධානාගාරයේ රඳවා තැබිම හේතුවෙන් බන්ධනාගාරයේ ඉදිරි ගේට්ටුවල ආරක්ෂාව තර කිරීමට ද බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබෙනවා.

Rate this item
(0 votes)