May 08, 2024

සතුන් මරා හජ් සැමරීමෙන් පසු රුධිර ජලයෙන් වීදි පිරීයයි (PHOTOS)

ඉස්ලාම් භක්තිකයින් සමරන "හජ්" ආගමික උත්සවය පසුගිය දා ලොව පුරා පැවැත්වුණා.

මෙම උත්සවයේ දී ගවයින් ඇතුළු විවිධ සතුන් ඝාතනයට ලක් වෙන බවට සත්ත්ව අවිහිංසාවාදී පිරිස් චෝදනා නගනවා.

මේ අතර මුස්ලිම් ජාතිකයින් බහුලව වෙසෙන රටක්වන බංග්ලාදේශයේ විශේෂ සිදුවීමක් වාර්තා වුණා.

විවිධ සතුන් දහස් ගණනින් ඝාතනය කර "හජ්" සැමරූ බංග්ලාදේශයට මේ දිනවල ඇදහැලෙන්නේ අධික වර්ෂාවක්.

මෙම නිසා ඇතිව තිබූ ගංවතුර තත්ත්වය අමුතුම පැහැයක් ගෙන තිබෙනු දක්නට ලැබුණු අතර ඒ පිළිබඳව විදෙස් මාධ්‍ය විශේෂයෙන් වාර්තා කර තිබුණා.

ලීටර දහස් ගණනක් වූ බංග්ලාදේශ ගංවතුර රක්ත වර්ණයට හැරී තිබුණේ ඝාතනය කරනලද සත්වයින්ගේ රුධිරය ජලයට මුසු වීම නිසා යි.

සත්ව අවිහිංසාවාදය මූලික කොටගත් බෞද්ධ දර්ශණය ප්‍රමුඛ වූ ශ්‍රී ලංකාවෙන් ද මීට සමාන පුවතක් පසුගිය දා වාර්තා වුණා.

ඒ ගව ඝාතකාගාරයක් හේතුවෙන් බදුලු ඔයෙහි ජලය රත් පැහැ ගැනීමේ සිද්ධියක්.

ඡායාරූප පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 September 2016 13:34