May 09, 2024

අසැබි වෙබ් අඩවියකටත් හැකර් ප්‍රහාරයක්

September 13, 2016

කාමෝද්දීපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක්වන PornHub වෙත හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා.

වැඩිහිටියන්ට පමණක් වූ අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප ආදිය සඳහාම වෙන් වූ මෙම වෙබ් අඩවියට දිනකට පැමිණෙන පරිශීලකයින් ප්‍රමාණය මිලියන 60ක් පමණවන බව යි පැවසෙන්නේ.

ආරම්භ කර වසර 9ක් පමණවන PornHub අඩවිය ඇතුළු වූ හැකර් කණ්ඩායම එම වෙබ් අඩවියේ දත්ත වෙනස්කොට ඇති බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් වෙබ්අඩවිය නරඹන පුද්ගලයින්ට මින් හානියක් සිදු නොවී ඇති බව යි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 September 2016 13:08