May 08, 2024

කතකගේ රහස් පෙදෙස සපා කෑ අමුතු අතවරය

September 13, 2016

කාන්තාවක් නිවසකට ගෙන ගොස් ලිංගික අතවර කර ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ සපා කෑ පුද්ගලයෙකු පිළිබඳව පන්නල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 

මොහු පන්නල මාකඳුර ප්‍රදේශයේ 30 හැවිරිදි විවාහකයක් බව යි පැවසෙන්නේ.

අදාළ පුද්ගලයා මෙම ක්‍රියාව සිදුකරන විට කාන්තාව ඉන් බේරී ඇත්තේ තමන් හට සමාජ රෝගයක් ඇති බව පැවසීමෙන් බව වාර්තා වෙනවා.

මෙසේ අතවරයට පත්ව ඇත්තේ කසිප්පු දඩයක් ගෙවීමට අපොහොසත් වූ තම සේවාස්ථානයේ හිමිකරු බේරාගැනීමට හිමිකරුගේ යහළුවකු සමඟින් මුදල් සෙවීමට ගිය කාන්තාවක්වන අතර ඇය තුවාල ලබා රෝහල්ගත වී තිබෙනවා.

අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අපරාධකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් හා රුපියල් දසදහසක මුදල් ඇපයක් මත මුදාහරින ලෙසත් ඔහුගේ සමාජ රෝග වාර්තාවක් කැඳවන ලෙසත් කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝගකොට තිබෙනවා.

 

Rate this item
(0 votes)