May 09, 2024

පාරේ හිමිකරු වගේ හැසිරුණු ඩිෆෙන්ඩර් රියදුරා මට්ටු වූ හැටි (VIDEO)

එදිනෙදා ජීවිතයේ දී වගේම මගතොටේ දීත් නීතිය අපි කාටත් පොදුවේ ක්‍රියාත්මක විය යුතු දෙයක්.

එහෙත් එය එසේ නොවන අවස්ථා බොහෝ විට අප රටේ මහා මාර්ගවල දැකගත හැකියි.

විශේෂයෙන් "සුපිරි පන්තියේ" යැයි කියාගන්නා රථවාහන, නීතියේ සීමා අභිබවන වේලාවල් නිරන්තරයෙන් අපට හමුවනවා.

ඒ ආකාරයෙන් උඩඟු ලෙස හැසිරුණු ඩිෆෙන්ඩර් රියැදුරෙකුට පාඩමක් ඉගැන්වූ මෝටර් රථ රියැදුරෙකු එම සිද්ධිය වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

අදාළ ඩිෆෙන්ඩරය මාර්ගයේ වැරදි දිශාවෙන් පැමිණෙන අතර අනෙක් රියැදුරන් එම රථයට ඉඩ ලබා දුන්නත් මෙම වීඩියෝව ගත් රියැදුරා එසේ කරන්නේ නැහැ.

ඩිෆෙන්ඩරය පිටුපසට ධාවනය කර මාර්ගයෙන් ඉවත් කරගන්නාතුරුම ඔහු ඊට ඉඩ ලබා නොදී ඉදිරියටම ධාවනය කරනවා.

එම වීඩියෝව පහතින් > > >

Rate this item
(3 votes)