May 07, 2024

දුමින්දට වැලිකඩ තුළ ක්‍රිකට් ගැසීමේ වරම්

September 10, 2016

මරණ දඩුවම නියම වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා මේවන විට රඳවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ.

බන්ධනාගාරය තුළ දී ඔහු ඊයේ ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

ඔහු එලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත වී ඇත්තේ ව්‍යායාම් සදහා වෙන් කර ඇති කාලයේ කෙටි කාලය තුල යි.

මරණ දඬුවමට නියම වී සිටින පුද්ගලයින් ඔවුන්ගේ සිරකුටිවලින් පිටතට ගනු ලබන්නේ විනාඩි 30ක් වැනි කෙටි ව්‍යායාම කාලයක් සඳහා පමණ යි.

 එම අවස්ථාවේ දී මරණ දඩුවමට ලක්ව සිටින තවත් පිරිසක් සමග දුමින්ද සිල්වා මහතා මෙලෙස කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී ඇති බව යි පැවසෙන්නේ.

Rate this item
(0 votes)