May 07, 2024

භාරත අවසන් කතාවේදී දුමින්ද මහින්ද මෛත්‍රී ගැන කළ අමුතු ප්‍රකාශයේ හඬපටය මෙන්න (AUDIO)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 5 දෙනෙකුට ඊයේ දින අධිකරණය මඟින් මරණ දඬුවම හිමි වුණා.

දුමින්ද සිල්වා මහතාගේ ආධාරකරුවන් සහ භාරත ලක්ෂ්මන් මහතාගේ ආධාරකරුවන් දෙපිරිස අතර 2011 ඔක්තෝබර් මස 08ට යෙදී තිබූ මැතිවරණ දිනයේ දී සිදු වූ වෙඩි හුවමාරුවේ දී භාරත ලක්ෂ්මන් මහතා මියගිය අතර දුමින්ද සිල්වා මහතාට ද බරපතල තුවාල සිදු වුණා.

භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය වීමට පැය කිහිපයකට පෙර මැතිවරණ වේදිකාවේ සිදු කළ අවසන් කතාවේ දී වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එවකට කොළොන්නාව සංවිධායකවරයා ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා යන මහත්වරුන් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් පැවසුවා.

එම කතාවෙහි හඬපටය පහතින් ශ්‍රවණය කරන්න > > > 

Rate this item
(28 votes)
Last modified on Friday, 09 September 2016 14:37