May 08, 2024

2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණේ මෙහෙමයි (VIDEO)

59 වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

එහිදී සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා වලින් ලියා පල කරන ලද විශිෂ්ටතම නවකතාව, කෙටිකතා සංග්‍රහය, පද්‍ය සංග්‍රහය, ගී පද මලා සංග්‍රහය, නාට්‍ය කෘති, යොවුන් සාහිත්‍ය කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති, විද්‍යා ප්‍රබබන්ධ කෘති, විවිධ විෂය ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සදහා සම්මාන පිරිනමනු ලැබුවා.

ඒ අනුව වසරේ හොඳම නවකතාව සඳහා 'දුල්වල අලංකාරේ' නැමැති කෘතිය සම්පාදිත සුමුදු නිරානි සෙනෙවිරත්න මහත්මිය සම්මාන දිනා ගත් අතර හොඳම නාට්‍ය කෘතිය සඳහා පියල් කාරියවසම් මහතා සම්මාන ලැබූවේ 'මට එරෙහිව මම' නමැති ග්‍රන්ථය වෙනුවෙනි.

හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස අනුරසිරි හෙට්ටිගේ මහතාගේ 'දිමියා' කෙටිකතා සංග්‍රහය සම්මානයට ලක්විය.

මහාචාර්ය දර්ශන රත්නායක මහතා විසින් රචිත 'නැණ සිළුමිණ නම් උමංදානන්දය' කෘතිය හොඳම පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය හිමිවිය.

'සිංහලයෙකු වී ඉපදීමෙන්' නැමැති ගීත සංග්‍රහය වෙනුවෙන් හොඳම ගීත රචනයට හිමි සම්මානය දිනා ගත්තේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතායි.

හොඳම ළමා සාහිත්‍ය කෘතින් ලෙස කාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනැමූ අතර 'ඉරඑළිය' කෘතිය වෙනුවෙන් තනූජා එම්. අයගම මහත්මියත් 'සුමුදුමලි' නමැති නිර්මාණය වෙනුවෙන් චන්ද්‍රිකා අබේසිංහ මහත්මියත් සම්මාන හිමිකරගත්තාය.

හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස සෝමලතා වෛද්‍යරත්න මහත්මියගේ 'මේ නිවාඩු කාලයයි' යන කෘතිය සම්මානයට ලක්විය.

මහාචාර්ය වොල්ටර් මාරසිංහ හොඳම පරිවර්තිත නාට්‍ය කෘතියට හිමි රාජ්‍ය සම්මානය හිමි කර ගත්තේ 'ස්වප්නවාස වදත්ත' කෘතියයි.

හොදම පරිවර්තිත කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් සම ජයග්‍රාහකයින් නම් කෙරුණු අතර රාජ්‍ය සම්මාන උළෙලේදී හොඳම පරිවර්තිත නවකතාව වූයේ සුමිත්‍රා රාහුබද්ද මහත්මියගේ 'මම ඔබ සොයමි' කෘතියයි.

එමෙන්ම ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් වන පණ්ඩිත් සිරි තිලකසිරි, ආචාර්ය මලිත් පීරිස්  යන මහත්වරුන්ට සහ  ආචාර්ය එස්. ජෙබනේෂන් රදගුරු හිමිපාණන් හට ජිවිතයේ එක් වරක් පමණක් හිමි වන සාහිත්‍යරත්න ගෞරව සම්මාන පිරිනැමිම ද මෙහිදී සිදුවිය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 September 2016 12:24