May 08, 2024

මරණ දඬුවමින් පසු දුමින්ද ගෙන ගියේ කොහේට ද? ඇත්ත කතාව මෙන්න!

September 09, 2016

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 5 දෙනෙකුට ඊයේ අධිකරණයෙන් මරණ දඬුවම ලබා දීම සිදු වුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියාණන්වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධ නඩුවෙහි තීන්දුව ලබා දෙමින්.

මරණ දඬුවම නියම කිරීමෙන් පසු දුමින්ද සිල්වා මහතා විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ C-3 කොටසේ යි.

දෙමටගොඩ චමින්ද නමැත්තා බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙනගොස් ඇති අතර මරණ දඬුවම ලැබූ අනෙක් තිදෙනා දුමින්ද සිල්වා මහතා රඳවා ඇති C-3 කොටසේම වෙන වෙනම රඳවා තිබෙන බව යි වාර්තා වන්නේ.

වැලිකඩ බන්ධනාගාරයේ C-3 කොටස භාවිත වන්නේ මරණ දණ්ඩනය නියම වන චූදිතයන් රඳවා තැබිම සඳහා යි.

එහි මේ වන විට චූදිතයන් හතළිස් දෙනකු පමණ රඳවා ඇති බව යි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.

එම පිරිස අතර මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබූ "වෙ‍ලේ සුදා" ද සිටිනවා.

තව ද ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දරුණු ගණයේ අනෙකුත් අපරාධකරුවන්ද මෙම කොටසේ රඳවා සිටින බව යි වාර්තා වන්නේ.

වැසිකිළි සහ ස්නානය කිරීමේ පහසුකම් ද එම සිර මැදිරි තුළම පවතින බව පැවසෙන අතර මෙහි සිර කුටි පිහිටා ඇත්තේ වෙන් වෙන් වශයෙන්.

ඒවායින් ඇතැම් කුටි තුළ සිරකරුවන් තිදෙනෙකු පමණ රඳවා සිටින බව වාර්තා වෙනවා.

නමුත් දරුණුම ගණයේ අපරාධකරුවන් රඳවා ඇත්තේ වෙන් වෙන් වශයෙන්.

දුමින්ද සිල්වා මහතා ද ඒ ආකාරයෙන් තනි සිරමැදිරියක රැඳවීමටයි බන්ධනාගාර බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මරණ දණ්ඩනය හිමි වූ මෙම සිරකරුවන්ට ඔවුන් රඳවා ඇති සිර කුටිවලින් පිටතට පැමිණීමට අවස්ථාව හිමිවන්නේ දිනකට විනාඩි 30ක් වැනි කෙටි කාලයකට පමණ යි.

ඒ ව්‍යායාම සඳහා යි.

එමෙන්ම මරණ දණ්ඩනය හිමි වූ පුද්ගලයෙකු බැලීම සඳහා ඥාතීන්ට අවස්ථාව ලැබෙන්නේ සතියකට එක් දිනක දී පමණයි.


සබැඳි පුවත් > > > 

දුමින්ද අද වැලිකඩින් එළියට ගැනීමේ තීරණයක්?

මරණ දඬුවම ලැබූ දුමින්දගෙන් අභියාචනයක්

හිරුණිකා, නඩු තීන්දුවෙන් පසු හඬාවැටෙමින් කළ ප්‍රකාශය (VIDEO)

අවසන් වූ භාරත ඝාතන නඩුවේ වීඩියෝව මෙන්න (VIDEO)

දුමින්ද සිල්වාට මරණ දඬුවම

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 09 September 2016 12:36