May 08, 2024

'කයිසර්ව හිරේ දාන එක වැරදී' - කුණුහරප රැප් ගැන ඉරාජ් කට අරී (VIDEO)

අසභ්‍ය වචන කියමින් රැප් සංගීතයෙහි නිරත වීම තමා ද අනුමත නොකරන නමුත් එය නැවැත්විය යුත්තේ නීතිමය පියවර මගින් නොවන බව ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සිය යූටියුබ් නාලිකාව හරහා "සෙල්ෆි වීඩියෝවක්" මගින්.

ප්‍රවීණ කලාකරුවන් එකතු වී උත්සහ කරන්නේ මෙවැනි අසැබි වදන් භාවිත කරන රැප් ගායකයින් හිරේ දැමීමට බවත්, එයින් වන්නේ එහ තරුණයින්ගේ සම්පූර්ණ ජීවිතයම අඳුරු වීම බවත් ඉරාජ් පෙන්වා දෙනවා.

රැප් ගායක කයිසර් සිය Facebook ගිණුම ඔස්සේ සමාව ද ඉල්ලා ඇති බැවින් බෞද්ධයෙකු වශයෙන් තමා කල්පනා කරන්නේ මොවුන් හට සමාව දී තවත් අවස්ථාවක් ලබා දීම සුදුසුවන ලෙස බව යි ඔහු වැඩිදුරටත් පැවසූවේ.

රැප් සංගීතය අතරතුර අසැබි වදන් භාවිතය මගින් කුඩා දරුවන් එය ආදර්ශයට ගන්නා බව පෙන්වා දෙන ඉරාජ් මෙරට රැප් සංගීත ශිල්පීන්ගෙන් ඉල්ලා සිටියේ එම ක්‍රියාවෙන් වැලකී සිටින ලෙස යි.

තමන් රැප් සංගීතය මෙරට ස්ථාපිත කළේ අමාරුවෙන් බවත් එලෙස ගොඩනැගූ රැප් සංගීත කළාව නව පරපුර විසින් ක්ෂණිකයෙන් විනාශ කිරීමට උත්සහ කරන බවත් ඉරාජ් පැවසුවා.

මෙරට රැප් කලාව විනාශ නොකරන ලෙස ද ඉරාජ් ඉල්ලා සිටිනවා.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)