May 07, 2024

මිස්කෝල් එකක් නිසා දූෂණය වූ ගල්ගමුවේ තරුණිය

September 07, 2016

මගහැරුණු ඇමතුමක් හෙවත් මිස්කෝල් එකක් හේතුවෙන් ජීවිතයම විනාශ කරගත් තරුණියක් පිළිබඳව ගල්ගමුවෙන් වාර්තා වෙනවා.

අවුරුදු 20 ක් වූ මෙම තරුණිය තම ජංගම දුරකතනයට පැමිණි මිස්කෝල් එකක් හරහා තරුණයෙකු හඳුණාගෙන ඇති අතර එම හැඳුණුම්කමට අනුව මොවුන් දෙදෙනා හමුවීමට තීරණය කොට තිබෙනවා.

පසුගිය දිනක ගල්ගමුව නගරයේදී මොවුන් දෙදෙනා හමු වී ඇති අතර තමන් දන්නා නිවසක් ඇති බවත් එහි කිසිවෙකුත් නොමැති නිසා නිදහසේ කතාකිරීමට හැකි බවත් මෙම තරුණයා තරුණියට පවසා ඇති බව වාර්තා වෙනවා.

එයට එකඟ වී ඇති තරුණිය තරුණයා සමග එම නිවසට ගොස් ඇති අතර එහි දී තරුණයා විසින් අදාළ තරුණිය දූෂණය කොට තිබෙනවා.

දූෂණය කරන අතරවාරයේ තමාට පහර දුන් බවට ද මෙම තරුණිය පවසනවා.

මෙම තරුණයා දරුවන් දෙදෙනෙකු සිටින පියෙකු බව ද පසුව හෙළි වී ඇති අතර මීට පෙර ද ස්ත්‍රී දූෂණ චෝදනා ගණනාවක් මොහුට එරෙහිව පවතින බව යි අනාවරණය වී ඇත්තේ.

තරුණියගේ කෑ ගැසීම නිසා ඒ අසලින් ගිය තරුණයන් දෙදෙනකු නිවසට ගොස් මෙම තරුණියව බේරාගෙන ඇති අතර අදාළ පුද්ගලයා එහි දී පැනගොස් තිබෙනවා

"අනේ මම එයාව ගොඩක් විශ්වාස කළා. ඒ නිසයි බෑ නොකියා ආවේ. මට මෙහෙම කරයි කියලා මම කවදාවත් හිතුවේ නෑ" යනුවෙන් මෙම තරුණිය පවසනවා.

Rate this item
(0 votes)