May 08, 2024

කුණුහරප කියූ සිංහල රැප් ගායකයා අත්අඩංගුවට

සිංහල රැප් ගායකයෙකු යැයි පැවසෙන කයිසර් කයිස් නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් හා ලේකම් ජානක වික්‍රමසිංහ යන කලා ශිල්පීන් කොහුවල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව යි.

ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර දී කයිසර් නමැත්තා විසින් අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් අශෝබන ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපය පුරාම සමාජ ජාල තුළ සංසරණය වුණා.

මේ සම්බන්ධයෙන් ඔහුගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව කොහුවල පොලීසිය පවසනවා.

ඉකුත් 03 වැනිදා පැවැති මෙම ප්‍රසංගයේ දී කයිසර් නමැත්තා අසභ්‍ය වචන ප්‍රකාශ කිරීම හේතුවෙන් සංගීත ක්ෂේත්‍රයට අපකීර්තියක් වූ බවට පැමිණිලිකාර පාර්ශවය සඳහන්කොට තිබෙනවා.

මෙම සිදුවීම හරහා Facebook ඇතුළු සමාජ ජාල පුරාම කයිසර් නමැත්තා දැඩි අප්‍රසාදයටත් පිළිකුලටත් භාජනය වූ අතර පසුව ඔහු විසින් Facebook ඔස්සේ සමාව ද ගෙන තිබුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර මේ පිළිබඳව ඉදිරි පරීක්ෂණ ද පැවැත්වෙන බව වාර්තා වෙනවා.

පසුගිය දා දැඩි ලෙස කතාබහට ලක් වුණු ඉරාජ් වීරරත්නගේ "කතන්දරේ" ගීතයට ද කයිසර් නමැත්තා රැප් ගායනයෙන් සහභාගී වුණා.

ඔහුගේ සමාව ඉල්ලීමේ ප්‍රකාශය සහ ගීතය පහතින් > > > 

20160906Kaizer-2

Rate this item
(3 votes)