May 07, 2024

ලංකාවේ හැකර් සංසදයක් ගැන රහස් පොලිස් අනාවරණය මෙන්න

September 03, 2016

වෙබ් අඩවි වෙත අනවසරයෙන් ප්‍රවේශ වන පුද්ගලයින් එකතු වී තනා ගත් සංසදයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන බව රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

රහස් පොලීසිය විසින් මේ පිළිබඳව ඊයේ (02) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට නීති විරෝධී ලෙස ප්‍රවේශ වී එහි දත්ත වෙනස් කළ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී.

වෙබ් අඩවි තුළට අයුතු ලෙස ඇතුළු වී නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් මෙම සංසදය තුළ සිටින බවත් එහි පුද්ගලයින් 150 ක් පමණ සාමාජිකත්වය ගෙන සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි රහස් පොලීසිය තවදුරටත් කියා සිටියේ.

Rate this item
(0 votes)