May 07, 2024

ජනපති වෙබ්අඩවියේ හැකර්ව විදෙස් සමාගමකින් උස්සන ලකුණු

September 03, 2016

පසුගිය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට නීති විරෝධීව ඇතුළු වී එහි දත්ත වෙනස් කළ තරුණයා රැකියාවක් සඳහා බඳවා ගැනීමට ජාත්‍යන්තර සමාගමක් කැමැත්ත පළ කොට තිබෙනවා.

බොන්ටැබ් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ සභාපති ඊෂ්රාන් ස්මයිල් මහතායි මෙලෙස පවසා ඇත්තේ.

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට අවසරයකින් තොරව ඇතුළු වීම වරදක් වුවත් ඔහු තුළ ඇති දක්ෂතා රටේ සහ ඔහුගේ යහපතට යොමු කර ගැනීමට අවස්ථාවක් දෙනු පිණිස මෙම තරුණයාට සමාව දෙන ඒ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

බරපතල අපරාධයක් කළා වුව ද මෙම තරුණයා යහපත් මඟකට යොමු කරගැනීමට තම සමාගමට හැකියාව පවතින බව යි ස්මයිල් මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙවැනි තරුණයන්ගේ දක්ෂතා මතුකරගෙන එම දක්ෂතා ඔවුන්ගේත් රටේත් යහපත සඳහා යොමු කරගැනීම තම සමාගමේ ප්‍රතිපත්තිය බව ස්මයිල් මහතා වැඩිදුරටත් පවසනවා.

මෙවැනි තරුණයන් ලොව තුළ සිටින්නේ අතළොස්සක් බවත් එම තරුණයා තම සමාගමේ සේවයට බඳවා ගැනීමට සූදානම් බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 03 September 2016 10:04