May 07, 2024

ලැජ්ජාවක් නොමැති සේ හැසිරුණු අසල්වැසියෝ CCTV කැමරාවේ (VIDEO)

පසුගිය දා පාදුක්ක ප්‍රදේශයේ සිදු වූ මාරක යතුරුපැදි අනතුරෙහි CCTV දර්ශන පොලීසිය වෙත ලබා දුන් නිවසෙහි හිමිකරුවන්ට නොසිතූ විරූ දෙයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ එම වීඩියෝපට පොලීසිය වෙත ලබා දීම සම්බන්ධයෙන් අසල්වැසියන් දිගින් දිගටම විරෝධය පළ කරන නිසා යි.

ඔවුන් නිවස ඉදිරිපිටට පැමිණ අසැබි වදනින් බැණවදින බව පවසන ගෙහිමියා ඒ පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

ඉන් පසුව ද තමන්ට සිදුවන හිරිහැරයෙහි නිමාවක් නොමැති බවටයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අසල්වැසියන් කළහකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන CCTV වීඩියෝ පට ද පොලීසියට භාර දී තිබෙනවා.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(4 votes)