May 03, 2024

පැරදිලා ගෙදර දුවපු ඔස්ට්‍රේලියන් නායකයාට මහේල නෝන්ඩිය දැමූ හැටි (PHOTOS)

මේවන විට ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක්ව ඇති දෑ අතර,  ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලැබූ අන්ත පරාජය පිළිබඳව ද දැඩි සේ කතාබහට ලක් වෙනවා.

ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරග 3ම පිට පිටම පරාජයට ලක් වූ ඔස්ට්‍රේලියාව පරාජයේ ලැජ්ජාව මඳකින් හෝ වසා ගත්තේ පළමු එක්දින තරගය ජයග්‍රහණය කළ නිසා යි.

එහෙත් දෙවැනි එක්දින තරගයෙන් යළිදු පරාජයේ අමිහිරි අත්දැකීම විඳින්නට ඔස්ට්‍රේලියා කණ්ඩායමට සිදු වුණා.

ශ්‍රී ලංකා සංචාරයේ දී දිගින් දිගටම ලැබූ අන්ත පරාජයත් සමග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් නැවත සිය රට බලා පිටත් වුණා.

ඒ ගැන විමසූ ජන මාධ්‍ය වෙත ස්මිත් කියා සිටියේ ඊලඟ දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා පුහුණු වීම සඳහා තමන් ඔස්ට්‍රේලියාව බලා පැමිණි බව යි.

එහෙත් දිගින් දිගටම ලැබූ පරාජයෙන් පසු, ශ්‍රී ලංකාව සමග තවත් එක් දින තරගයක් ඉතිරිව තිබිය දී මෙසේ නික්ම යාම පිළිබඳ ක්‍රිකට් ලෝලීන් නම් පවසන්නේ පරාජය හමුවේ ලද ලැජ්ජාව හේතුවෙන් ස්මිත් පිටව ගිය බව යි.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක, ශ්‍රේෂ්ඨ පිතිකරු මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයක් ද පළකොට තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නායකයා ශ්‍රී ලංකානු සංචාරය නිමා නොකර, දකුණු අප්‍රිකානු සංචාරයට සූදානම් වන්නට පිටව යාම පිළිබඳව තමන් පුදුමයට පත්වන බව යි ඔහු එයින් පවසා ඇත්තේ.

එමෙන්ම, වෙනත් ඔස්ට්‍රේලියානු නායකයෙකු මෙලෙස හැසිරී ඇත්දැ යි මහේල ප්‍රශ්ණකොට සිටිනවා.

එම ට්විටර් පණිවිඩය පහතින් > > > 

Rate this item
(1 Vote)