May 03, 2024

ජනපති මෛත්‍රීගේ නිල වෙබ් අඩවිය හැකර් ග්‍රහණයට (PHOTOS)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය ඊයේ පස්වරුවේ හැකර් ප්‍රහාරයට ලක් වුණා.

මෙම හැකර් ප්‍රහාරයෙන් පසු www.president.gov.lk වෙබ් අඩවියෙහි සාමාන්‍ය අංග දිස් නොවූ අතර එහි දක්නට ලැබුණේ හැකර්කරුවන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ පණිවිඩයක්.

ශ්‍රී ලාංකික වෙබ් අඩවි පිලිබඳව සැලකිලිමත් නොවන්නේ නම් මෙරට ද සයිබර් යුද්ධයකට හසු වීමට ඉඩ ඇති බව යි එම පණිවිඩයේ අනතුරු අඟවා තිබුණේ.

එමෙන්ම උසස් පෙළ විභාගය සහ සරසවි සිසුන්ගේ ඉල්ලීම් පිළිබඳව ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදු කර තිබූ හැකර්කරුවන් වැඩිදුරටත් පවසා තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොමනා ක්‍රියාකලාපය වහාම නවත්වන ලෙසට යි.

මෙය පාලනය කළ නොහැකි නම් හැකි ඉක්මණින් ජනාධිපතිවරණයක් පවත්වන ලෙස ද ඔවුන් ප්‍රකාශ කොට තිබුණා. 

‘මීට ශ්‍රී ලාංකික තාරුණ්‍යය’ යනුවෙන් හැකර්කරුවන් සටහන් කර තිබූ අතර මෙම සිද්ධියෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කොට තිබුණා.

කෙසේ වෙතත් වගකිව යුතු අංශ මේ වන තුරු මෙම සිදුවීම පිළිබඳ කිසිවක් ප්‍රකාශ කොට නැහැ.

හැකර් ප්‍රහාරයෙන් අතුරුව වෙබ් අඩවිය දිස් වූ අයුරු පහතින් > > > 

Hacked

Rate this item
(3 votes)
Last modified on Friday, 26 August 2016 09:34