May 02, 2024

බිත්ති දිගේ ගමන් කරන ගාල්ලේ අරුම පුදුම කෙල්ල (VIDEO)

කිසිදු ආධාරකයක් නොමැතිව බිත්ති දිගේ ගමන් කළ හැකි කුඩා දැරියක් පිළිබඳව ගාල්ල වඳුරඹ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වයස අවුරුදු 7ක් වූ රඟමිණී යසස්නී නම් වූ එම දැරිය බිත්ති දිගේ ඉහළට ගමන් කර විනාඩි 15ක් පමණ රැඳී සිටින බව ද පැවසෙනවා.

ඇය ඉගෙනුම ලබන්නේ ගාල්ල වඳුරඹ මහා විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණියේ.

කුඩා කල සිටම ඇය මෙළෙස බිත්ති දිගේ ඉහළට නැගීමට පුරුදු වී සිටින බව යි ඇගේ දෙමාපියන් සඳහන් කරන්නේ.

එමෙන්ම ඇය බිත්ති මත සිට පාඩම් කටයුතු කිරීමට ද පුරුදුව සිටිනවා.

ඇගේ වීඩියෝව පහතින් > > >  

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 August 2016 12:18