May 03, 2024

දුම්රිය තුළ හැඟීම් පාලනය කරගන්න බැරිවුණු යුවලක් කොටුවේ දී පොලීසියට

දුම්රිය තුළ අශෝබන ලෙස හැසිරුණු යුවලක් පිළිබඳව කොටුව දුම්රිය ස්ථානයෙන් වාර්තා වෙනවා.

විදෙස් ජාතික යුවළක් මෙළෙස හැසිරී ඇත්තේ මඩකලපුව – කොටුව රාත්‍රී තැපැල් දුම්රිය තුළ යි.

මෙම යුවළ වැලිකන්ද දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී ඇති අතර ඔවුන් දුම්රියේ නිදන මැදිරිය වෙත ගොස් මෙළෙස අශෝභන ලෙස හැසිරී තිබෙනවා.‍

මේ සම්බන්ධව දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් ඔවුන් හට අවවාද කර ඇතත් මෙම යුවළ දිගින් දිගටම අශෝභන ලෙස හැසිරී ඇති බව යි වාර්තා වන්නේ.

පසුව දුම්රිය මගීන්ගෙන් ද මෙම යුවළ වෙත දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර දුම්රිය කොටුව දුම්රියපොළ වෙත පැමිණීමෙන් අනතුරුව දුම්රිය ආරක්‍ෂකයන් විසින් එම යුවළ පොලීසිය වෙත භාර දී ඇති බව පැවසේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 24 August 2016 15:27