May 03, 2024

ගණිකාවන් වෙන්න උඩරටින් කොළඹ ආ කතුන් හසු වූ හැටි

සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවසමින් වැල්ලවත්ත ප්‍රදේශයේ ගණිකා සේවය ලබා දුන් ස්ථානයක් වැටලීමට වැල්ලවත්ත පොලීසිය සමත් වුණා.

එහි කළමණාකරු ලෙස සේවය කළ පුද්ගලයෙකු සහ ගණිකා සේවයේ නිරත වුණු කාන්තාවන් සිව් දෙනෙකු මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

මහනුවර, මාතලේ සහ ග්‍රෑන්පාස් යන ප්‍රදේශවල පදිංචිකාරියන්වන මෙම කාන්තාවන් 33, 27 සහ 24 ආදී වයස්වල පසුවන්නියන්.

 

ඔවුන් අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Rate this item
(1 Vote)