May 03, 2024

12 වියැති පිරිමි ළමයෙකු අතින් දැරියක් දූෂණය වෙයි

දූෂණයට ලක් වූ 7 වියැති කුඩා දැරියක් සිය දිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ මෙම දැරිය දූෂණයට ලක්ව ඇත්තේ 12 වියැති පිරිමි ළමයෙකු අතින් වීම යි.

මෙම පිරිමි ළමයා බොහෝ කාලයක සිට අදාළ දැරියගේ නිවසේ නිතර රැඳී සිට ඇති බව යි වාර්තා වන්නේ.

ඒ දැරියගේ දෙමව්පියන් කුලී රැකියාවලට පිටත්ව ගිය විට යි.

පිරිමි ළමයා විසින් දින 4ක් තිස්සේ දැරියව දූෂණයට ලක් කොට ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

තමන්ට සිදු කරන මෙම ලිංගික හිංසනය ඉවසීමට නොහැකි කමින් පස් වැනි දිනයේ දී දැරිය ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පැවසෙනවා.

DNA පරීක්ෂණයකින් අනතුරුව අදාළ පිරිමි ළමයා අත්අඩංගුවට ගෙන ඇති බව යි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Rate this item
(0 votes)