May 04, 2024

82 වියැති කතක් රැයක් පුරා දූෂණය කළ කාමාතුරයා

82 වියැති මහළු කාන්තාවක් රැයක් මුළුල්ලේ අමානුෂික ලෙස දූෂණය කළ අයකු පිළිබඳව මීටියාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම පුද්අගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මීටියාගොඩ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව යි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ තෙල්වත්ත, මීටියාගොඩ දකුණ ප්‍රදේශයේ පදිංචි සුගුණවතී නමැති අවිවාහක කාන්තාවක්.

කාන්තාව තනිව නිවෙසේ සිටින නමුත් නිවෙස ආසන්නයේ අවට නිවාස කීපයකම ඥාතීන් ජීවත්වන බව ද පැවසෙනවා.

පසුගිය 10 වැනි දින රාත්‍රි 7ට පමණ සැකකරු නිවෙසට ඇතුළු වී ඇති බවත් සැකකරු රාත්‍රි මුළුල්ලේම අදාළ කාන්තාවට ලිංගික හිංසන සිදු කර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක්ම ලැබී තිබෙන බවත් ඒ ඔස්සේ පරීක්‍ෂණ පවත්වන බවත් මීටියාගොඩ පොලිසිය සඳහන් කර ඇති බව යි වාර්තා වන්නේ.

Rate this item
(2 votes)