May 03, 2024

රාවණා ඇල්ලේ මියගිය ප්‍රංශ යුවතියගේ වීඩියෝව මෙන්න (VIDEO)

බදුල්ල, රාවණා ඇල්ලෙන් ඇද වැටී ඊයේ මියගිය ප්‍රංශ ජාතික තරුණිය අඩි 500ක උසකින් පහළට ඇද වැටී ඇති බව ඇල්ල පොලීසිය සඳහන් කරනවා.

සිය පියා සමග ඊයේ (15) පස්වරුවේ රාවණා ඇල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේ ඇය මෙම අනතුරට පත් වුණා.

පවුලේ අය පහල දිය නාමින් සිටියදී ඇය දිය ඇල්ලේ ඉහළට ගමන් කරන්නට උත්සාහ කර ඇත්තේ ඇල්ලෙහි ඉහළ කොටසට නැගීම සිදු නොකරන ලෙස අනතුරු අඟවා තිබූ දැන්වීම් පුවරු ද සැළකිල්ලට නොගෙන යි.

ජල පහරත් සමග පය ලිස්සීම හේතුවෙන් එක්වරම ඇය මෙලෙස ඇල්ලෙන් පහළට ඇද වැටී ඇති බව යි වාර්තා වන්නේ.

මරිනා කෘෘස් නමැති මෙම තරුණියගේ වයස අවුරුදු 19 ක්.

ඇය එම ස්ථානයේ දීම මියගොස් ඇති බව පැවසෙනවා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 16 August 2016 15:14