May 04, 2024

දිඹුලාගල කන්දට උල්කාපාතයක් කඩා වැටේ

ඓතිහාසික දිඹුලාගල පර්වතය මතට උල්කාපාතයක් කඩා වැටී ඇති බවට වාර්තා වෙනවා.

ආරණ්‍ය සේනාසනයේ වැඩවසන හිමිනමක් දිඹුලාගල පර්වතය මතින් වැඩම කරවන විට මෙම උල්කාපාතය හමු වී තිබෙනවා.

තිරිවානා ගලක් මතට වැටී තිබූ මෙම උල්කාපාතය ගල පසාරු කරගෙන කිදාබැස ඇති අයුරු දැක ගන්නට ලැබෙන බව පැවසෙනවා.

මේ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)