May 06, 2024

විජය සමුගන්න පෙරදින කළ අවසන් රංගනයේ වීඩියෝව (VIDEO)

රටම කම්පාවට පත්කරමින් ප්‍රවීණ රංගධරයෙක් සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙක්ද වූ විජය නන්දසිරි මහතා ඊයේ (08) මෙලොවින් සමුගත්තා.

මියයන විට 69 වැනි වියේ පසු වූ ඒ මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

වේදිකා නාට්‍යවලින් රංගන ක්ෂේත්‍රයට පිවිස දහසකුත් ප්‍රේක්ෂකයින්ගේ නොමද ආදරයට හා ගෞරවයට පාත්‍රා වූ ඔහු අවසන් වේදිකා නාට්‍යයට සහභාගී වී තිබුණේ රෝගාතුර වීමට පෙර දිනයේදීයි.

ඒ කුරුණෑගලදී පැවති ''අලුත් හොරෙක්'' නම් වේදිකා නාට්‍යයට බව සඳහන්. එම අවස්ථාවේ විජය නන්දසිරි මහතාගේ වීඩියෝව පහතින් නරඹන්න.

 

Rate this item
(2 votes)