May 06, 2024

සෝ සුසුම් මැද විජය නන්දසිරිගේ දේහය නිවසට ගෙනා හැටි (VIDEO)

ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වුණු ප්‍රවීණ රංගධර විජය නන්දසිරි මහතාගේ දේහය මීට සුළු මොහොතකට පෙර ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආවා.

නන්දසිරි මහතාගේ හිතමිත්‍ර නළු නිළියන් ඇතුළු කලාකරුවන් විශාල ප්‍රමාණයක් අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට රැස් වී සිටිනු දක්නට ලැබුණා.

එමෙන්ම දේශපාලනඥයින් ද විජය නන්දසිරි මහතාට අවසන් ගෞරව දැක්වීම පිණිස පැමිණ සිටියා.

නිවසෙහි දේහය තැන්පත් කෙරුණේ නන්දසිරි මහතාගේ බිරිඳවන දේවිකා මිහිරාණී මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතමිත්‍රාදීන්ගේ සෝ සුසුම් මධ්‍යයේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(11 votes)
Last modified on Tuesday, 09 August 2016 14:04