May 06, 2024

විජය නන්දසිරි - දේවිකා සමග සිය ජීවිතය ගැන කළ හැගුම්බර කතාව (VIDEO)      

ඉලුක්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි වුවද බොහෝ දෙනා ආදරයට ඔහු අමතන්නේ විජේ අයියා කියාය. ගෙදර අය ඔහුව අමතන්නේ ‍"සුදු මල්ලි" කියාය. ඒ සුදු මල්ලී සහ විජේ අයියා කවුද කියා ඔබට අමුතුවෙන් කිව යුතු නැත. සම්මානනීය අග්‍රගණ්‍ය ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද(08) පෙරවරුවේ ඇතිවූ හදිසි රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

විජය නන්දසිරි නමැති මේ රංගවේදියාණන්ගේ රංගන දිවිය වගේම විජය - දේවිකා විවාහ දිවිය ගැනත් ඉතා හැඟුම්බරව නිර්ව්‍යාජව කළ කතා බහක් පසුගියදා හිරු නාලිකාවේ විකාශය වූ ‘දෙහදක ආදරේ‘ වැඩසටහනට සහභාගී වෙමින් විජය - දේවිකා දෙපල සඳහන් කළා.

ශ්‍රී ලාංකීය රංග කරළිය දිග් විජය කළ විජය නන්දසිරි හා දේවිකා මිහිරාණි සිය ආදර කතාව සේම ජීවිත කතාව පිළිබදවද මෙලෙස හඬ අවදිකළා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

 

Rate this item
(3 votes)
Last modified on Monday, 08 August 2016 14:43