May 06, 2024

ලොව අංක එකේ DJ ලංකාවට (VIDEO)

ඉලෙක්ට්‍රොනික සංගීතයේ දැවැන්තයෙකු වන Hardwell මෙරට ප්‍රසංගයක් සඳහා පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ලොව ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ වැජඹෙන DJ සංගීත ශිල්පියා ලෙස යි Hardwell සැළකෙන්නේ.

Robbert van de Corput නමින් උපත ලැබූ ඔහු Hardwell නමැති වේදිකානාමය ඔස්සේ ලොව පුරා රසික රසිකාවියන් ලක්ෂ ගණනකගේ හද බැඳගත්තෙක්.

1988 වසරේ උපත ලැබූ Hardwell තවමත් 28 වැනි වියේ යි පසු වන්නේ.

සැප්තැම්බර් මස 30 වැනි දා ඔහු මෙරට ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පවසමින් නිකුත් කළ වීඩියෝව සහ ඔහුගේ සජීවී සංගීත ඉදිරිපත් කිරීමක වීඩියෝවක් පහතින් > > > 

Rate this item
(0 votes)