May 06, 2024

ඩිමන්ක සජීවී වැඩසටහනක හඬා වැටෙයි (VIDEO)

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශයවන "සිහිනයකි රෑ" සජීවී සංගීත වැඩසටහන කෙටි කළකින් බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනා ගත් රූපවාහිනී වැඩසටහනක්.

සමාජයේ නමක් තැබූ චරිතයක් තෝරාගෙන එම පුද්ගලයා කැමති ගීත 10ක් එම පුද්ගලයාම නම් කරන ගායකයෙකු හෝ ගායිකාවක් විසින් ගායනා කරවීම මේ වැඩසටහනේ විශේෂත්වය යි.

පසුගිය දවසක සිහිනයකි රෑ වැඩසටහනට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සහභාගි වුණා.

ඔහුගේ තේරීම අනුව ගීත 10 ගායනයෙන් දායක වුණේ ජනප්‍රිය යොවුන් ගායක ඩිමන්ක වෙල්ලාලගේ යි.

මේ ගීත 10 ඇතුළත ටී.එම්. ජයරත්න ගායන ශිල්පියා ගායනා කරන "අම්මා සඳකි" ගීතය ද ඇතුළත් වුණා.

එම ගීතය ගායනා කරද්දී ඩිමන්කගේ ඇස්වලට කඳුළු උණා තිබීම හැමෝටම දකින්න ලැබුණා.

කෙසේ වෙතත් ඉතා ළයාන්විතව ගීතය ගයා අවසන් කළායින් පසු ඩිමන්කගේ ඇස්වලට කඳුළු පිරුණේ ඇයි දැයි වැඩසටහන ඉදිරිපත් කරන මහේෂ් නිශ්ශංක මහතා විමසා සිටියා.

එහි දී බොහෝ සෙයින් සංවේදී බවට පත් වූ ඩිමන්ක හඬා වැටෙන්න වූයේ වැඩසටහන මඳකට නිහඬතාවයේ තබමින්.

එම වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(1 Vote)