May 06, 2024

ඔලිම්පික් තරගය මැද ක්‍රීඩකයෙකුගේ පාදයක් දෙකට කැඩෙයි (VIDEO)

බ්‍රසීලයේ රියෝ ද ජනැයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ පළමු දිනයේ දී අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා.

ඒ ක්‍රීඩකයෙකු අනතුරට ලක් වීම නිසා යි.

ජිම්නාස්ටික් ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ ඔහු සමිර් නමැති ප්‍රංශ ජාතික ක්‍රීඩකයෙක්.

තරගය අතරතුර දී ඔහුගේ පාදයක් බිඳී ගියේ බලා සිටි සියල්ලන්ම කම්පා කරවමින්.

වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කළ ඔහුට සැත්කමක් ද සිදුකර ඇති බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහුට නැවත ක්‍රීඩා කිරීමට නොහැකි වෙතැයි වෛද්‍යවරු මත පළ කරනවා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(5 votes)