May 06, 2024

සර්පවිෂෙන් මියගිය සර්පවේදියා ගැන පියා කළ හෙළිදරව්ව (PHOTOS)

“ඉස්සරහ ගෙදර දුව දොරට ගසා කිවා අමල් අයියා ගෙදර ඉස්සරහ ගේට්ටුව ළග වැටිලා ඉන්නවා කියලා. මම එතනට ගියා. පුතා මුණින් අතට වැටිලා හිටියා.“ යැයි සර්පයකු දෂ්ඨ කිරිමෙන් මියගිය අමල් කිත්රුවන් විජේසේකර (46) නැමති පරිසරවේදියාගේ මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් පියාවන සිරිසේන විජේසේකර (77) නැමැත්තා එසේ ප්‍රකාශ කළේය.

මිය ගිය පරිසරවේදියා විනෝදයට නිවස තුල සර්පයින් ඇති කරණ අයෙකි. මොහු මිය ගොස් ඇත්තේ සර්පයකු දෂ්ඨ කිරිමෙන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණය වී තිබේ. ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා ඉදිරියේ පැවති සාක්ෂි විභාගයේ දි මියගිය තැනැත්තාගේ පියා තවදුරටත් සාක්ෂිදෙමින් මෙසේද කිවේය.

“අපි අංක 435 වක්වැල්ලපාරලගාල්ල යන ලිපිනයේ පදිංචිව සිටියා. මිය ගොස් ඇත්තේ මගේ වැඩිමහල් පුතා. මට පුතාල දෙන්නෙක් හා දුවෙක් ඉන්නවා. පුතාට අසනීපයක් නැහැ. විනෝදයට සර්පයින් ඇති කරණවා. නිවසේ සර්පයින් ඉන්නවා. ඉකුත් 02 වැනි දින රාත්‍රි 7.00ට විතර ගෙදර හිටියා. රාත්‍රි 10.00ට විතර ගෙදර හිටියේ නැහැ. පසුදින උදෑසන ඉස්සර ගෙදර දුව දොරට ගසා  කීවා අමල් අයියා ගෙදර ඉස්සරහ ගේට්ටුව ළග වැටිලා ඉන්නවා කියලා. මම එතනට ගියා පුතා මුණින් අතට වැටිලා හිටියා. ඇගට අත තියා බැලුවා ඇග සිතල වෙලා තිබුනා. පුතා කථා කළේ නැහැ. පසුව මේ ගැන පොලිසියට දැනුම් දුන්නා මරණය ගැන සැකයක් නැහැ.“

ඉන්ද්‍රානි විජේසේකර නැමැත්තියද සාක්ෂි ලබා දුන්නාය. උ.පො.ප ජයසුන්දර මහතා විසින් සාක්ෂි මෙහෙය වු අතර පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.එම් මහින්ද මහතා විසින් සිදු කළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා සර්පයකු දෂ්ඨ කිරිමෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.  

සර්පවේදියෙකු සර්පවිෂෙන්ම මියයයි (PHOTOS)

                 

Rate this item
(0 votes)