May 19, 2024

ඔලිම්පික් පැවැත්වෙන රියෝ නගරයේ ප්‍රසිද්ධියේම සිද්ධවෙන අපරාධ: සැඟවූ කැමරාවෙන් ගත් වීඩියෝව (VIDEO)

මේ දිනවල ලෝකයේම අවධානය යොමු වී ඇති නගරය ලෙස බ්‍රසීලයේ රියෝ නගරය හඳුන්වන්න පුළුවන්.

ඒ 2016 වසරේ ඔලිම්පික් තරගය පැවැත්වෙන නගරය එය වීම යි.

නමුත් වවිධ හේතූන් මත ලොව විචිත්‍රවත්ම ක්‍රීඩා සැණකෙළිය පැවැත්වීමට රියෝ නගරය නොසුදුසු බවට මත පළ වුණා.

ලොව අපරාධ බහුලම නගරයක් ලෙස එය නම් කර තිබීමත් එයට එක් හේතුවක්.

අපරාධ බහුල වීම නිසාම ලෝකයේ නගර අතුරින් අනතුරුදායකම නගරයක් ලෙසත් රියෝ නගරය හැඳින්වෙනවා.

මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි අපරාධ බහුලව වාර්තා වෙන මෙම නගරය තුළ සොරකම් කිරීම ද විශාල වශයෙන් සිදුවෙනවා.

සැබැවින්ම මෙම සොරකම් කිරීම් ප්‍රසිද්ධියේම සිදුවෙතැයි කිවහොත් එය වැරදි නැහැ.

නව යොවුන් වයසේ පසුවන තරුණ තරුණියන්ගෙන් සමන්විත මෙම සොර කල්ලිවල ප්‍රධාන ඉලක්කය වන්නේ රියෝ නගරයට පැමිණෙන විදේශිකයින්.

ජනාකීර්ණ නගරය මැද මහ දවල් ප්‍රසිද්ධියේම සොරකම් කරන සොර කණ්ඩායම්වල ක්‍රියාකාරකම් රියෝ නගරය මධ්‍යයේ එකම ස්ථානයක රැඳවූ කැමරාවකින් සටහන් කරගැනීමට යූටියුබ් සාමාජිකයෙකුට හැකි වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(4 votes)