May 19, 2024

තවත් ටොරන්ට් වෙබ් අඩවියක් අවසන් ගමන් යයි

Kickass වෙබ් අඩවිය පසුගිය දිනවල අන්තර්ජාල පරිශීලකයින්ගේ දැඩි අවධානයට ලක් වුණා.

එයට හේතු වූයේ එහි නිර්මාතෘවරයා අත්අඩංගුවට ගැනීමත් සමග එම වෙබ් අඩවිය තහනමට ලක් වීම යි.

බුද්ධිමය දේපල සම්බන්ධයෙන් මෙලෙස එම වෙබ් අඩවිය තහනමට ලක් කළ අතර ටොරන්ට් තාක්ෂණය හරහා පරිගණක ගොණු හුවමාරුකරන තවත් වෙබ් අඩවියක් හදිසියේ අකර්මන්‍ය වී තිබෙනවා.

ඒ ටොරන්ට් සම්බන්ධ තවත් සුපතල වෙබ් අඩවියක්වන Torrentz අඩවිය යි.

විවිධාකාර ටොරන්ට් ගොණු සෙවුම් කිරීම සඳහා යොදාගත් Torrentz අඩවියට පිවිසීම වලක්වා නැතත් වෙනදා මෙන් ටොරන්ට් ගොණු සොයාගන්නට මේවන විට හැකි වන්නේ නැහැ.

"අපිට ඔබට සැමදා ආදරෙයි, සුභ ගමන්" යනුවෙන් සඳහන් කළ පණිවිඩයක් පමණයි එහි දැකගත හැක්කේ.

මෙම සිදුවීම ලොව පුරා අන්තර්ජාල භාවිත කරන්නන් විමතියට පත් කර ඇති බව යි වාර්තා වන්නේ.

torrentz-farewell

Rate this item
(1 Vote)