May 19, 2024

සර්පවේදියෙකු සර්පවිෂෙන්ම මියයයි (PHOTOS)

ගාල්ල ප්‍රදේශයේ ප්‍රකට සත්වවේදියෙකුවන අමල් විජේසේකර මහතා හදිසියේ අභවප්‍රාප්ත වී තිබේ.

ඔහු වනජීවීන් සම්බන්ධව තමන්ටම ආවේණික දැක්මකින් කටයුතු කළ අයෙක් මෙන්ම සර්පයින් සම්බන්ධයෙන් විශේෂඥභාවයකින් කටයුතු කළ අයෙක්.

විජේසේකර මහතා මියගොස් ඇත්තේ ද සර්ප විෂක් ශරීරගතවීමෙන් බවට සැකකරන අතර සර්පයින් සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් දක්වන ඔහු එසේ මියයාම පුදුමයට කාරණාවක් බව යි ඔහුගේ සමීපතමයින් පවසන්නේ.

මෙරටට සර්ප විශේෂ කිහිපයක්ම හඳුන්වාදුන් ඔහු ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කිහිපයක් ද සිදුකරමින් සිටි අයෙක් ලෙස වාර්තා වෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේම සර්පයන් ඇල්ලීමට ඔහු තරම් දක්ෂයෙකු නැති බව ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර ප්‍රදේශයේ නිවසකට සර්පයෙකු ඇතුළු වූ විට නිවැසියන් ප්‍රථමයෙන්ම දැනුම් දෙන්නේ විජේසේකර මහතාට බව යි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

විජේසේකර මහතා සර්පයින් බේරාගෙන තම පෞද්ගලික කාමරයේ තබා ගනිමින් ඔවුන් රැකබලා ගැනීමට ද කටයුතු කර ඇති බව වාර්තා වන අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (05) ගාල්ල, බඩල්ල පොදු සුසුන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 August 2016 14:54