May 19, 2024

ඩුබායි යානය ගිනි ගනිද්දී එය තුළ සිටි අයෙක් ගත් ත්‍රාසජනක වීඩියෝව (VIDEO)

එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් ඊයේ අනතුරට ලක් වුණා.

ඒ ඩුබායි ගුවන් තොටුපොලේ දී.

යානය ගොඩබාන අතරතුර දී ගින්නක් හට ගත් අතර පසුව ගින්න පැතිරී ගොස් යානය මුලුමනින්ම පාහේ විනාශ වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී යානය තුළ 300කට ආසන්න පිරිසක් සිටි නමුත් ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට සිදු වූ සුළු තුවාල හැරෙන්නට බරපතල හානියක් සිදු වූයේ නැහැ.

කෙසේ වෙතත් ගින්න නිවීමට යෙදවූ ගිනි නිවන භටයෙකු මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

යානය අනතුරට ලක් වූ අවස්ථාවේ දී එය තුළ සිටි අයෙක් ජංගම දුරකතනයෙන් ලබා ගත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

එය පහතින් නරඹන්න > > > 

Rate this item
(2 votes)