May 18, 2024

සාක්කුවේ තිබූ ෆෝන් එක පුපුරා සිදු වූ දරුණු අනතුරක් (VIDEO)

ජංගම දුරකතන ගිනිගැනීම් සහ පුපුරා යෑම් පසුගිය කාලය පුරාම විටින් විට වාර්තා වුණා.

බොහෝ විට මෙම සිදුවීම්වලට හේතුව ලෙස සඳහන් වූයේ ප්‍රමිතියෙන් තොර ජංගම දුරකතන, ව්‍යාජ ලෙස සැකසූ ජංගම දුරකතන හෝ ප්‍රමිතියෙන් තොර චාජර් භාවිත කිරීම යි.

නමුත් Apple සමාගමේ නිෂ්පාදිත නියම iPhone ස්මාර්ට් ජංගම දුරකතනයක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරක් පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.

මෙම අනතුරින් ඔහුගේ පාදයේ දැඩි පිළිස්සුම් තුවාල හටගෙන ඇති බව යි වාර්තා වන්නේ.

පසුගිය ඉරිදා සන්ධ්‍යාවේ ඔහු පාපැදි ධාවනයේ නිරත වෙමින් සිටිය දී පාපැදිය පෙරළී බිම ඇදවැටී තිබෙනවා.

එය එතරම් දරුණු අනතුරක් නොවූවත් බිම පතිත වීමෙන් ඇති වූ කම්පනයත් සමග ඔහුගේ කලිසම් සාක්කුවේ තිබූ iPhone දුරකතනය පුපුරා ගොස් ඇති බව පැවසෙනවා.

එසේම පුපුරා යාමෙන් අනතුරුව එය ගිණිගෙන ඇති අතර අදාළ පුද්ගලයාගේ ඇඳුම් සහ පාදය පිළිස්සීමට ලක්ව තිබෙනවා.

ජංගම දුරකතනය ඔහුගේ පිළිස්සුණු සම මත ඇලී තිබූ බව යි සඳහන් වන්නේ.

ඡායාරූප සහ වීඩියෝව පහතින් > > > 

Gareth Clear landed on his iPhone (pictured) in a minor fall from his stationary bike on Sunday, causing it to explode 

The phone heated up instantly, burning through his thick biking shorts and the Skins he was wearing underneath before searing through his skin (pictured)

He was sent to the burns unit at the Royal North Shore Hospital, where he received a skin graft for his third-degree burns

After spending 20 minutes 'writhing on the ground in pain', Mr Clear walked 30 minutes back to Manly to seek help

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 August 2016 10:21