May 18, 2024

තම පුතු හා ලිංගිකව එක් වී අසභ්‍ය චිත්‍රපට තැනූ මවක් දැළේ

තම පුතු ලිංගික කටයුතුවලට පොළඹවාගෙන අසභ්‍ය වීඩියෝ තැනූ මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව 36 හැවිරිදිවන අතර ඇගේ දරුවා 14වැනි වියෙහි පසුවන බව යි වාර්තා වන්නේ.

දරුවන් සිවු දෙනෙකුගේ මවක්වන අදාළ කාන්තාව තම තුන් හැවිරිදි දියණිය ද ලිංගික කටයුතුවලට යොදාගෙන ඇති අතර එම දරුවා පෙනී සිටින අසභ්‍ය ඡායාරූප ද හමු වී තිබෙනවා.

පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ ඇය ප්‍රකාශ කර ඇත්තේ පාකිස්ථානයේ සිටින තම ඥාති සොයුරෙකුට අදාළ අසභ්‍ය වීඩියෝ පට යැවූ බව යි.

මෙම සිදුවීම හෙළි වී ඇත්තේ අදාළ 14 හැවිරිදි දරුවාගේ වැඩිමහල් සොයුරිය, එනම් අත්අඩංගුවට පත් කාන්තාවගේ වැඩිමහල් දියණිය අදාළ දරුවාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව යි.

එම ජංගම දුරකතනයේ ද ඔහුත් ඔහුගේ මවත් පෙනී සිටි ලිංගික දර්ශන තිබී ඇති අතර එ්වා දැකීමෙන් කම්පනයට පත් දියණිය මේ පිළිබඳව පොලීසියට දැණුම් දී ඇති බව යි වාර්තා වන්නේ.

මෙම 36 හැවිරිදි කාන්තාව ළමා කාලයේ දී කිහිප විටක්ම දූෂණය වී ඇති බව හෙළිදරව් වී තිබෙනවා.

14 හැවිරිදි දරුවා අධිකරණය හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ තමන් මෙම සිදුවීම පිළිබඳව මහත් ලැජ්ජාවෙන් පසුවන බව යි.

අදාළ කාන්තාවට වසර 5ක සිරදඬුවමක් ලබා දීමට එංගලන්ත අධිකරණය කටයුතු කර තිබෙනවා.

Rate this item
(2 votes)