May 18, 2024

මලගෙදරක අඩ නිරුවත් රංගනයක් (VIDEO)

අවමංගල්‍ය උත්සවයක් අතරතුර අඩනිරුවත් නළඟනන් දෙදෙනෙකු සරාගී නර්තනයක යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මළ සිරුර තැන්පත් කළ පෙට්ටිය වටා ඔවුන් මෙළෙස නර්තනයේ යෙදෙන බව එම වීඩියෝවේ දක්නට ලැබෙනවා.

චීනයෙන් ලැබෙන මේ වීඩියෝව ගියවසරේ දී සිදු වූ සිදුවීමක් හා සම්බන්ධ එකක්වන නමුත් පසුගිය දිනවල එය වේගයෙන් ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ශාලාව ද රාත්‍රී සමාජ ශාලාවක් පරිද්දෙන් වර්ණවත් විදුලි බුබුළුවලින් පවා ආලෝකවත් කර තිබෙන ආකාරය මෙහි දක්නට පුළුවන්.

අවමගුල් උත්සවයන්හි නර්ථනයේ යෙදවීමට නළඟනන් යොදා ගැනීම චීනයේ මෙන්ම තායිවානයේ ද සිදුවන බව යි පැවසෙන්නේ.

අවමංගල්‍ය උත්සවයට වැඩි වැඩියෙන් ජනතාව ගෙන්වා ගැනීම මෙහි අරමුණ බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මෙම නැඹුරුවට එරට රජය ඇතුළු විවිධ පාර්ශව විසින් විරෝධතා රැසක් මතුවී ඇති බව ද පැවසෙනවා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)