May 18, 2024

මොළේ නැති රියදුරෙක් 138 පාරේ ගිය අමුතු ගමනක් (VIDEO)

පුද්ගලික බස් රථ රියදුරන් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් සමාජයේ ඇත්තේ එතරම් යහපත් ආකල්පයක් නොවෙයි.

"ප්‍රයිවට් බස් කාරයෙක් වගේ" වැනි දෑ සාමාන්‍යයෙන් කතාබස් කරනවිට පවා යොදා ගැනීමට එය හේතුවක්.

පුද්ගලික බස් රථ රියදුරන්ගෙන් බොහොමයක් දෙනා වැඩිපුර මුදල් සෙවීම පිණිස තරගකාරීව ගමන් ගන්නේ මාර්ග නීති, පදිකයින්ගේ ආරක්ෂාව ආදී වූ කිසිවක් ගණනට නොගනිමින්.

එවන් රියදුරෙකුගේ අනුවණ ක්‍රියාවක් වීඩියෝගත කිරීමට මෝටර් රථ රියදුරෙකු සමත් වී තිබෙනවා.

හෝමාගම සිට පිටකොටුව දක්වා ගමන්ගන්නා මෙම බස් රථයේ රියදුරා නිසා 138 මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිව තිබෙන අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.

මාර්ග නීති ද කඩ කරමින් අනෙක් වාහනවලට ද බාධා කරමින් එම බස් රථය ගමන් ගත් ආකාරය දැක්වෙන එම වීඩියෝව පහතින්.

Rate this item
(2 votes)