May 19, 2024

පෙම්වතා නිසා මහ රෑ ගෙදරින් පැන්න තරුණියට වූ කරදරය

තම නිවසේ පුද්ගලයින්ට හොරෙන් මධ්‍යම රාත්‍රියේ නිවසින් පිටව ගිය තරුණියක් ඊට පසු දින නැවත නිවසට පැමිණ සිය දිවි නසාගෙන තිබෙනවා.

පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය මෙසේ මියගොස් ඇත්තේ ගෙළ වැලලා ගැනීමෙන්.

ඇගේ මව විදෙස්ගත රැකියාවක් සිදුකරන අතර පියා කලකට ඉහත මියගොස් ඇති බව වාර්තා වෙනවා.

අදාළ තරුණිය ජීවත් වී ඇත්තේ තම සොයුරියගේ නිවසේ.

නිවසේ සියල්ලෝම නින්දට යාමෙන් අනතුරුව තමා ඇඳ මත සිටින බව පෙන්වීමට කොට්ට අතුරා එය ඇතිරිල්ලකින් වසා හොර රහසේම පිටව ගොස් තිබෙනවා.

මෙසේ ගොස් ඇත්තේ ඇගේ පෙම්වතා හමුවීමට බව යි සැක කරන්නේ.

මීට අවස්ථා කිහිපයක දීම ඇය රාත්‍රී කාලයේ පෙම්වතා හමු වීමට හොර රහසේ ගොස් හසුවී ඇති බව වාර්තා වෙනවා.

උදෑසන තරුණිය නිවසෙහි නොමැති වීම හේතුවෙන් නිවැසියන් පොලීසියට පැමිණිලි කර ඇති අතර ඔවුන් පෙම්වතාට ද දුරකතන ඇමතුමක් දී ඇත්තේ ඇය පිළිබඳව විමසීමට යි.

පෙම්වතා පවසා ඇත්තේ ඇය උදෑසනම නිවස බලා පැමිණි බව යි.

පසුව නිවසට පැමිණි අදාළ තරුණිය ගෙළ වැලලාගෙන තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක යි.

Rate this item
(1 Vote)